May 11, 2024

කිරිපිටි මිල රුපියල් දහස පනී : නව කිරිපිටි මිල ගණන් මෙන්න - තවත් වැඩිවීමට නියමිතයි

කිරිපිටි සඳහා පනවා තිබූ පාලන මිල ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

ඒත් සමඟ මෙතෙක් පනවා තැබූ උපරිම සිල්ලර මිල පාලන සීමාව ඉවත්ව ගිය අතර ඒ වෙනුවට නව මිල ගණන් නිකුත් වී තිබෙනවා.

ඒ අනුව නව කිරිපිටි මිල ලෙස ග්‍රෑම් 400 පැකැට්ටුවක් රුපියල් 520කටත්, කිලෝ 1ක් වූ පැකැට්ටුවක් රුපියල් 1300කටත් ඉදිරියේ දී අලෙවි වීමට නියමිතයි.

මෙම නව මිල ගණන් යෝජනා කර ඇත්තේ කිරිපිටි ආනයනකරුවන් විසින් වීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යංශය විසින් ඉදිරියේ දී කිරිපිටි සඳහා බදු මුදල් පැනවීමක් සිදුකළහොත් මෙම මිල ගණන් තවත් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 14:17