May 11, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩවල පාලන මිල විසිවෙයි! ඉදිරියේ දී මිල ඉහළ යන හැටි Featured

ඊයේ (07) දිනයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කිහිපයක් පිළිබඳව තීරණාත්මක තීරණයක් ගනු ලැබුවා.

ඒ අනුව මෙතෙක් කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති යන භාණ්ඩවලට පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් මේ පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණේ පාලන මිල ඉවත් කළත් එම භාණ්ඩවල මිල ගණන් ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් මීට පෙර සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමඟ මෙරට ප්‍රධාන පෙළේ සහල් මෝල් හිමියන් විසින් මාධ්‍ය හමුවක් කැඳවා ඔවුන් විසින්ම සහල් සඳහා රජයේ පැවති පාලන මිලට වඩා වැඩි මිල ගණන් නියම කිරීම සිදුකළා.

මෙලෙස පාලන මිල ඉවත් කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ද මීට පෙර සිටම ආනයනකරුවන් විසින් මිල ඉහළ දමන ලෙස පවසා සිටියා.

පාලන මිල ඉහළ දැමීමත් සමඟ එම භාණ්ඩ සඳහා වන උපරිම සිල්ලර මිල ඉහළ දැමීමට රජය දමා තිබූ පාලන මිලද ඉවත්ව යනු ඇතියි.

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනෙක් පවසන්නේ පාලන මිල ඉවත් කිරීම නිසා ආනයනකරුවන් සහ නිෂ්පාදකයන් සිය කැමැත්ත පරිදි මිල ගණන් ඉහළ දමනු ඇති බවයි.

එම මිල ගණන් රුපියල් දහස දක්වා ගියද කළ හැකි දෙයක් නොමැති බවද ඔවුන් පවසා සිටියි.

Rate this item
(0 votes)
Last modified on Friday, 08 October 2021 07:04