May 20, 2024

ලංකාවට ගෑස් දෙන්න අලුත් පිරිසක්! කැබිනට් මණ්ඩලයෙනුත් අවසර හිමිවෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් සපුගස්කන්ද පිරිපහදුව මඟින් LP ගෑස් මෙට්‍රික් ටොක් 70 සිට 90 දක්වා ප්‍රමාණයක් දිනකට නිපදවනු ලබන අතර එය මෙරට ජාතික ඉල්ලුමෙන් 5%ක් පමණ වෙනවා.

එසේම දිනකට බැරල් 10,000ක ධාරිතාවයකින් යුත් නව පිරිපහදුවක් ස්ථාපිත කිරීමට සහ දැනට පවතින පිරිපහදුව වැඩිදියුණු කිරීමට මේ වන විට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කරමින් පවතින බවත් වාර්තා වෙනවා.

අදාළ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සැලැසුම් සකස් කරමින් පවතින අතර ඒ අනුව ලංකාවේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැනට පවතින ප්‍රධාන LP ගෑස් සමාගම් දෙකට අමතරව තෙවන තරඟකරුවෙකු ලෙස ගෑස් වෙළෙඳපොළට පැමිණීමට නියමිතව තිබෙනවා.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරිපහදු නිෂ්පාදන උපයෝගී කරගනිමින් ද්‍රවීකෘත ප්‍රෙටෝලියම් වායු (LP ගෑස්) ව්‍යාපාරය ආරම්භ කිරීමට හැකිවන පරිදි එම සංස්ථාවට අනුබද්ධ සමාගමක් පිහිටුවීමට පිණිස බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 17:59