May 20, 2024

ලොව විශාලම දැවැන්තයෙක් කොළඹ වරායට ආ හැටි (VIDEO)

(වීඩියෝව පුවත අවසානයේ)

ලොව විශාලතම බහලු නෞකා ගණයට අයත්වන Ever Ace බහලු නෞකාව කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහලු පර්යන්තය (CICT) වෙත ප්‍රථම වරට පැමිණීම ඊයේ (05) දිනයේ දීය.

එවර් ග්‍රීන් නැව් සේවාවට අයත් බහලු 24,000ක ධාරිතාවයකින් සමන්විත ප්‍රථම නෞකාව ලෙස Ever Ace නමින් හඳුන්වනවා.

‘A’ පන්තියට අයත් මෙම නෞකාව දිග මීටර් 400 කි.  පළල මීටර් 61.5 ක් වන අතර, මීටර් 14.5ක උසකින් යුක්තය වෙනවා.

නෞකාවේ පූර්ණ ධාරිතාවත් සමග පැයට නාවික සැතපුම් 22.6 ක වේගයෙන් යාත්‍රා කිරීමට සමත් මෙම නෞකාව ලොව විශාලතම බහලු නෞකාවන්ගෙන් එකක්ද වෙනවා.

නෞකා සේවයේ ආසියා යුරෝපා වෙළඳ කටයුතු සඳහා CEM සේවාව යටතේ ඉකුත් ජූලි 28 වන දින දියත් කෙරුණු නෞකාව සිය මංගල ගමන් වාරයේ දී Ever Ace කිංග්ඩාවෝ, ෂැංහයි, නිංග්බෝ, තායිපේ, සැන්ඩියන්, රොටර්ඩෑම්, හැම්බර්ග් සහ ෆීලික්ස්ටෝව් යන වරායයන් වෙත යාත්‍රා කර තිබෙනවා.

මෙම නෞකාව හැසිර වීමට වරාය පහසුකම් ඇත්තේ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය ඇතුළුව වරායන් 24කට පමණයි.

එවර් ඒස් නෞකාව විවිධ පරිසර හිතකාමී සහ ඉන්දන කාර්යක්‍ෂම උපායමාර්ගික සැලැසුම්වලින් සමන්විත නෞකාවක් ලෙස ඉමහත් කීර්තියක් අත්කරගෙන තිබෙන බවත් සඳහන් වෙනවා.

එවර් ග්‍රීන් නැව් සේවාවේ නාවුක සේවා යාවත්කාලීක කිරීමේ අරමුණෙන් එවර් ඒස් නෞකාවට අමතරව ‘A” ඛාණ්ඩයේ බහලු නෞකා 12ක් එවර් ඒස් සොයුරු නෞකාවන් ලෙසින් එවර් ග්‍රීන් සමාගම සිය සේවා ජාලයට එක් කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කපිතාන් නිහාල් කැප්පෙටිපොල මහතා ප්‍රකාශ කර සිටියේ "පවත්නා වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයම අර්බුදකාරී අවස්ථාවකට මුහුණ පා සිටින තත්ත්වයක, එය වෙළඳ නාවික ක්‍ෂේත්‍රය වෙත ද විශාල බලපෑමක් එල්ල කරමින් තිබෙන බවත් එවන් අවස්ථාවක කොළඹ වරාය කෙරෙහි විශාල අවදානයක් ලබා දෙමින් අවදානම ද නොතකා ලොව විශාලතම බහලු නෞකාවක් වන ඒවර් නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකා වරාය අධිකාරියටත්, කොළඹ වරායටත්, අප මව්බිමටත් සුවිශේෂී සන්ධිස්ථානයක් සහ අභිමානයක් ලෙස හැඳින්විය හැකියි" ලෙසිනි.

නෞකාව පැමිණි අවස්ථාවේ ඡායාරූප

May be an image of ocean and text that says "ப EVERGREEN"

No photo description available.

May be an image of 2 people, people standing and text that says "EVER ACE 10"

නෞකාව පැමිණි අවස්ථාවේ වීඩියෝ දර්ශන

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 16:55