May 19, 2024

ඩෙංගු මාරයා යළි හිස ඔසවයි - විශේෂඥයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ඩෙංගු උණ රෝගය  මෙම මාසයේ මුල් සතියේ හා අවසාන සතියේ‍ පැතිරියාමේ අවදානමක් ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය එරංග හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මේ නිසා  තම ගෙවතු පිරිසිදුව තබා ගැනිමට ප්‍රජාව කටයුතු කළයුතු බවද ඒ මහතා පෙන්වා දෙනවා.

මේ වනවිට  බොහෝ පාසල් ජරාවාස වි ඇති අතර  අතැම් පාසල්වල වැසිකිළිවල හා පාසල් භුමිය තුල ජලය එක්රැස්වි ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා සඳහන් කරනවා.

මෙවැනි ස්ථානවල ඩෙංගු මදුරුවන් බෝවිමට හැකි බවත්  මේ නිසා පාසල් පිරිසිදු කිරිමේ දි ඩෙංගු අවදානම පිළිබද සැලකිල්ලට ගෙන පාසල් පිරිසිදුකරගන්නා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්විමකදි කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබාදුන් බවද  ඒ මහතා පවසා සිටියා.

මේ පිළිබද අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් පවසා සිටියේ,

"ඔක්තෝබර් මාසයේ මුල් සතියේ හා අවසාන සතියේ තමයි ඩෙංගු  වෛරසය පැතිරියන්නේ.  පළාත් සංචරණ සිමා නිසා මෙවර ඩෙංගු වෛරසය වෙනදා වගේ ව්‍යාප්ත වුණේ නැහැ.  ඒ නිසා ඩෙංගු රෝගින් වාර්තාවිමේ අඩුවක් තිබුනා. ඩෙංගු  වෛරසය ව්‍යාප්තවීමේ  අවදානමක්  නැතිවුණාට. ඩෙංගු මදුරුවන් කිටයන් බෝවිමේ පරිසරයක් තියෙනවා. ඒ නිසා අවට පරිසරය  පිරිසිදුව තබා ගැනිම සියලුදේනාගේ වගකිමක්" ලෙසිනි.

(ලලිත් චාමින්ද - ගාල්ල)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 10:47