May 20, 2024

සේවක අර්ථසාධක අරමුදල ගැනත් තීරණයක් ගනී

සේවක අර්ථසාධක අරමුදලේ සංශෝධන සහිත නව පනතක එළැඹෙන 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

මෙහිදී සේවක අර්ථසාධක අරසුදලට ලියාපදිංචි කිරීමේ කටයුකු නවීන තාක්ෂණයෙන් සිදුකිරීමත්, සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට තම මාසික දායක මුදල් ගිණුම් ගතවීම කෙටි පණිවිඩ (SMS) සේවා ඔස්සේ ලබාදීමටත් හැකිවන පරිදි නියෝග ලබාදීමට හැකිවන ලෙස අදාළ පනත සංශෝධනය කිරීමට නියමිතයි.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වී තිබුණු අතර සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ පෙර කී නියෝගය එදිනම පාර්ලිමේන්තුවට ඉදරිපත් කිරීමටත් එකඟතාවය පළ වී තිබුණා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 06 October 2021 07:44