May 20, 2024

සිනී මිල තවත් ඉහළට! පාලන මිලට සිනී නැති බවට ජනතාවගෙන් චෝදනා

දඹුල්ල තොග සහ සිල්ලර වෙළඳසැල් වල පාලන මිලට සීනි අලෙවි කිරීම්ට නොමැති බවත් සීනි කිලෝවක්  රුපියල් 125 සිට රුපියල්  140 දක්වා වූ මිල ගණන් යටතේ වෙළඳසැල්වල අලෙවි කරන බව පාරිභෝගි ජනතාව චෝදනා කරනවා.

රජයේ පාලන මිලක් සීනි සඳහා පැන වුවද එම පාලන තොග මිලට සීනි තොග වෙළෙන්දන් ලබා නොදීම නිසා  සාමාන්‍ය වෙළෙන්දන් හට පාලන මිලට සීනි අලෙවි කිරීම්ට නොහැකි නිසා වැඩි මිලට අලෙවි කිරීම්ට සිදු ව ඇතැයි වෙළදසැල් හිමියෝ කියා සිටියා.

ඒ අනුව දඹුල්ල නගරයේ සීනි අලෙවිකරණ වෙළඳසැලට ගොස් සොයා බැලීමේදී සතොස වෙළෙඳසැල සහ තවත් වෙළඳසැල් ඉතා සීමිත ප්‍රමාණයක පාලන මිලට සීනි අලෙවි කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා.

එමෙන්ම අනෙකුත් සෑම සීනි අලෙවි කරන වෙළඳසැලකම සීනි කිලෝවක් රු රුපියල් 125  සිට රුපියල් 140 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අලෙවි කරනු ලබනවා.

පාරිභෝගිකයන්ගෙන්  පාලන මිල හැර වැඩි මිලට සීනි අලෙවි කරන්නේ කුමක් නිසා දැයි ප්‍රශ්න කිරීමේ දී වෙළඳසැල් හිමියන් කියා සිටියේ කොළඹ ප්‍රදේශයෙන් සීනි තොග මිලදී ගන්නා බවත් එම තොග වෙළඳසැල්  සෑම එකකම වැඩි මිලට සීනි අලෙවි කරන බවයි.

පාලන මිලට අලෙවි කිරීම් සඳහා සීනි තොග වෙළෙඳ පදපොලේ නොමැති බව ද ඔවුහු පෙන්වා දෙනවා.

සීනි තොග ගෙනැවිත් අතුරු තොග අලෙවිකරණ වෙළඳසැල් හිමියන් ද වැඩි මිල ගණන් යටතේ සීනි අලෙවි කිරීම සිදුකරන බවත් ඔවුහු වැඩිදුරටත් පවසා සිටියා.

පාලන මිලට සීනි අලෙවි නොකිරීම තමන් හට දඬුවම් විඳීමට සිදුවන නිසා බිල්පත් නිකුත් කිරීම්ක් සිදු නොකරන බවත්  වැඩිපුර සීනි තොග ගෙන්වා ගැනීමකින් තොරව ඉතා සීමිත ප්‍රමාණයක් ගෙන්වාගෙන පාලන මිලෙන් තොරව  පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්නා පාරිභෝගිකයින්ට අලෙවි කිරීමේ කටයුත්තක නිරත වන බවද ඔවුන් පවසා සිටියා.

ඇතැම් වෙළෙන්දන් සීනි මිල පිළිබඳව විමසීමේ දී රුපියල් 130 ක මිලක් පාරිභෝගිකයාට සඳහන් කළ ද නැවත මාධ්‍යවේදීන් ගොස් සීනි මිල විමසීමේදී ඔවුන් පාලන මිල ප්‍රකාශයට පත් කරන නමුත් පාරිභෝගිකයන්ට එක  ප්‍රකාශයක් ජනමාධ්‍යයට තවත් ප්‍රකාශයක් කරන්නේ කුමක් නිසා දැයි වෙළෙන්දන්ගෙන් විමසීමේදී ඔවුන් කියා සිටින්නේ නීතියේ රැහැනට හසු වන්නේ සාමාන්‍ය සීනි සිල්ලරට අලෙවි කරන තමන් බවයි.

බහුතරයක් මහාපරිමාණ තොග සීනි අලෙවිකරණ අය පිළිබඳව අවධානයක් යොමු නොකොට සාමාන්‍ය වෙළඳ නීතිය ක්‍රියාත්මක වන බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබදව  මාතලේ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී රේණුක  කුමාර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ සීනි අලෙවි කළ යුතුයි  ප්‍රමාණයන් ගැසට් මගින් නිවේදනයය කොට තිබෙන බවයි. 

ඒ අනුව සුදු සීනි කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් එකසිය විසි දෙකක් බවත් රතු සීනි උපරිම සිල්ලර කිලෝවක් රුපියල් එක එකසිය  විසිපහක් බැගින් අලෙවි කළ යුතු බව සඳහන් කළා.

වැඩි මිලට සීනි අලෙවි කරන බවට තොරතුරු තමන්ටද ලැබෙන බවත් හැකි ආකාරයෙන් වැටලීම් සිදු කරමින් සිටින බවද සඳහන් කළ අතර  සාමාන්‍ය වෙළෙන්දන් වැඩි මිලට සීනි තොග මිල දී ගෙන ඇති බවට බිල්පත් පවා පෙන්වන බව හෙතෙම සඳහන් කළා. මෙම වැඩි මිලට අලෙවි කිරීමේ සිද්ධීන් රැසක් වාර්තා වන බව ඔහු පිළිගැනීම් ද විශේෂත්වයක් වුණා.

(කාංචන කුමාර - දඹුල්ල)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 05 October 2021 14:00