May 20, 2024

'EVER ACE' දැවැන්තයා ලංකාවට එයි

ලෝකයේ පවතින දැවැන්තම බහලුම් ප්‍රවාහන නෞකාවක් වන 'EVER ACE (එවර් ඒස්)' නෞකාව හෙට (05) දිනයේ කොළඹ වරායට පැමිණිමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා වෙළෙඳ නාවික ඉතිහාසයේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙම දැවැන්ත නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ප්‍රථම වරටයි.

මෙම නෞකාවට ළඟා වීමට හැකියාව ඇත්තේ  කොළඹ වරාය ඇතුළු ලෝකයේ පවතින වරායන් 24කට පමණයි.

හෙට උදෑසන 6.30ට පමණ පැනමා ධජය යටතේ ගමන් කරන මෙම නෞකාව කොළඹ වරායට ළඟා වීමට නියමිත තිබෙනවා.

දිගින් මීටර් 400ක් (අඩි 1,300ක්)ක්ද, පළලින් මිටර් 61.5ක් (අඩි 202ක්) පමණ වන මෙම නෞකාවට බහලුම් 23,992ක් රැගෙන යාමට හැකියාව පවතිනවා.

මෙම නෞකාව ලෝක සංචාරක ආරක්ෂණයද දිනාගත් නෞකාවක් බවයි වාර්තා වන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 04 October 2021 16:20