April 30, 2024

කැඳවූ විගසින් කල් ගිය පාස්කු නඩුව : නඩු විභාගයට නව දිනයක්

මෙරට දැඩි ලෙස කතාබහකට ලක්වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අද (04) දිනයේ කොළඹ මහාධිකරණයේ දී විභාගයට ගනු ලැබුවා.

විත්තිකරුවන් 24 දෙනෙකු සම්බන්ධ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දී මෙම නඩුව විභාගයට ගනු ලැබුවේ.

මෙහිදී විත්තිකරුවන් 24 දෙනා සඳහා අධි චෝදනා පත්‍ර බාර දීම සිදු කරනු ලැබුවා.

මෙම විත්තිකරුවන් 24 දෙනා හට චෝදනා 23,270ක් යටතේ නඩුව ගොනු කර තිබෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ නඩු විභාගය නැවත නොවැම්බර් මස 23 වැනිදා දක්වා කල් දැමීමට විනිසුරු මඩුල්ල තීරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 15:06

Related items