May 01, 2024

පාස්කු ඉරුදින ප්‍රහාරයට වසර 02යි - දිවයින පුරා විශේෂ අනුස්මරණ වැඩසටහන් Featured

අන්තවාදී ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡ පාස්කු ප්‍රහාරය දියත් වී අද (21) දිනට වසර 02ක් සම්පුර්ණ වීම නිමිත්තෙන් දිවයින පුරා විශේෂ අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව අප්රේල් මස 21 වැනිදා උදෑසන 8.45ට කිතුනු දේවස්ථානවල මළ සීනුව නාද කිරීමෙන් අනතුරුව විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පැවත්වීම නියමිතව ඇති අතර ඉන් අනතුරුව උදෑසන 8.47ට නැවත මළ සීනුව නාද කිරීමෙන් අනතුරුව මියගිය සියලු දෙනා වෙනුවෙන් පහන්, ඉටි පන්දම් දැල්වීමට නියමිතය.

ඉන් අනතුරුව උදෑසන 8.50ට කිතුනු ආගමික වැඩසටහන් සහ දිව්ය පූජාව පැවත්වීමට කටයුතු කරනු ඇති අතර ප්රාහරයට ලක්වූ කොච්චිකඩේ සාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සහ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබේ.

කොච්චිකඩේ දේවස්ථානයේ දී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ සහයක රදගුරු ඇන්ටන් රංජිත් හිමිපාණන්ගේ සහභාගිත්වයෙන්ද,  කටුවාපිටිය දේවස්ථානයේ දී කොළඹ සහයක රදගුරු හිමිපාණන්ලා වන ජේ.ඩී ඇන්තනී හිමිපාණන් සහ මැක්ස්වෙල් සිල්වා හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් ද මෙම වැඩසටහන් සංවිධානය කර ඇත.

මීට අමතරව පාස්කු ඉරුදින ත්රස්ත ප්රාහරයට වසර 02ක් ගත වන 2021 අප්රේල් මස 21 වැනි අඟහරුවාදා මියගිය 269 දෙනාගේ ජායාරූප ප්රදර්ශනය කරමින් ජපමාල රැළියක් පූජාප්රසාදීන්වහන්සේලා සහ පැවිදි පූජක පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පමණක් පැවත්වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙයි.

ජපමාල රැළිය අවසානයේ සවස 5.00ට කටුවාපිටිය පාස්කු ඉරිදා ප්රාහරයට ගොදුරුව මියගිය කිතුණු භක්තිකයන්ගේ දේහයන් භූමදාන කර ඇති සුසාන භූමියේ අභිනයෙන් ඉදිකළ දෙව් මැදුරේ විශේෂ යාච්ඤා ඔප්පු කිරීමක් සිදුකරනු ලබන අතර ඉන්පසු දිව්ය පූජා යාගය සිදුකිරීමට නියමිතව තිබේ.

Rate this item
(0 votes)

Related items