April 30, 2024

රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානියා CID යට යයි! ලොකු තැනකට එරෙහිව පැමිණිල්ලක්

සිරිල් ගාමිණි පියතුමන් විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලබාදීම සඳහා රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානි සුරේෂ් සලේ මහතා අද (25) කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත පැමිණියා.

පසුගිය ඔක්.23 වැනිදා පැවැති සංවාද වැඩසටහනක් අතරතුර සිරිල් ගාමිණි පියතුමන් විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන අපරාධකරු වූ සහරාන් හෂීම් වෙත ශ්‍රී ලංකා බුද්ධි අංශ විසින් මුල්‍යමය හා වෙනත් අත්‍යාවශ්‍ය සහය ලබාදුන් බවට ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී පියතුමන් විසින් වැඩිදුරටත් පවසා තිබුණේ සහරාන් හෂීම් හා ඔහුගේ අනුගාමිකයින් පෝෂණය කිරීමෙහි ලා එකල බ්‍රිගේඩියර්වරයෙක් වු සලේ මහතා, ක්‍රියාකාරී වැඩ කොටසක් ඉටුකර තිබෙන බවයි.

අදාළ චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන සුරේෂ් සලේ මහතා විසින් පවසා සිටියේ තමා අපකීර්තියට පත්කිරීමේ අරමුණින් නඟා ඇති චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි.

අදාළ චෝදනාව පොදු ජනතාව නොමඟ යැවීම පමණක්ම නොව හිතාමතාම ඔහුගේ කීර්ති නාමයට හානි සිදුකිරීමටත් ඔහුගේ ජීවිතය මෙන්ම පවුලේ අයගේ ජීවිතය ද අනතුරේ හෙළීමක් ලෙසද සිය පැමිණිල්ල හරහා සුරේෂ් සලේ මහතා අවධාරණය කර තිබුණා.

තමන් කිසිදිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමඟ කිසියම් හෝ ආකාරයක සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවද සලේ මහතා වැඩිදුරටත් පවසා සිටියා.

අදාළ සංවාද වැඩසටහන සඳහා සහභාගී වු සියලු දෙනාට එරෙහිව  නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු සිය පැමිණිල්ල හරහා ඉල්ලා තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 25 October 2021 17:47