May 20, 2024

කිරිපිටි මිලත් ඉහළ යයි! අවසන් තීරණය අද කැබිනට් මණ්ඩලයට

කිරිපිටි මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කිරිපිට ආනයනකරුවන් අවස්ථා ගණනාවකදී රජයෙන් ඉල්ලීම් කර තිබුණු අතර අද (04) දිනයේ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිතයි.

ඒ අනුව ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහිදී මිල සම්බන්ධව අවසන් තීරණයත් ගැනීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

ඩොලර් ලබාගැනීමට නොහැකි වීම නිසා කොළඹ වරායේ සිරවී තිබූ කිරිපිටි තොග අද සිට නිදහස් කරගන්නා බවද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 07:59