April 26, 2024

ගෑස් මිල 1200කින් වැඩි කරන්න යෝජනාව එයි! ගෑස් සිලින්ඩරය 2000 පනී

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,200 කින් ඉහළ නැංවිය යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

එම සංගමය සඳහන් කළේ මෙම මිල වැඩි කිරීම සම්පූර්ණ ලෙස නොලැබුණහොත් මිලෙහි වෙනස මහා භාණ්ඩාගාරයට දැරීමට සිදුවනු ඇති බවයි.

ගෑස් සිලින්ඩරය රු. 2021 

ලෝක වෙළඳපලේ ගෑස් මෙට්‍රික් ටොන් එකක මිල අද වනවිට ඇමරිකානු ඩොලර් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ලිට්රෝ සමාගමේ සේවකයින්ගෙන් සමන්විත මෙම එකමුතුව අදාළ නිවේදනයෙන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ.

මෙය ඍජුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයට පරිවර්තනය කළ විට රුපියල් 2,021 ක්. කෙසේ වෙතත් අද වනවිට ලිට්රෝ කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 1,493 කටයි.

නැව් හා රක්ෂණ ගාස්තු ඇතුලු අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා බලපාන ඍජු වියදම්වල එකතුව රුපියල් 700 ක් වන අතර, වියදම පමණක් පියවා ගැනීම සඳහා ගෑස් සිලින්ඩරයක් රුපියල් 2,800 කට අලෙවි කළ යුතු බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සඳහන් කරනවා.

අලාභය කෝටි 10,500ක්

ලිට්රෝ ආයතනය පසුගිය මාස 9 තුළ මිල වැඩි නොකිරීම හේතුවෙන් රුපියල් කෝටි 10,500 ක අලාභයක් ද ලබා තිබෙන බවත් එම සංගමය අනාවරණය කරනවා.

එමෙන්ම රටට ගෑස් රැගෙන ඒම සඳහා මසකට අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 30 ක් රජයට දැරිය හැකිද යන්න පිළිබඳව ඔවුන් අදාළ නිවේදනයෙන් ප්‍රශ්ණ කරන සිටිනවා.

මේ වනවිට ලිට්රෝ සමාගම දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව ඇති අතර, නොවැම්බර් මාසය වනවිට මහා භාණ්ඩාගාරය මුදල් ලබා නොදුනහොත් ගෑස් රැගෙන ඒමට නොහැකි වනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 02 October 2021 11:29