March 28, 2024

ගෑස් වැඩේ තවත් ඇනෙයි: ඩොලර් නැතුව නැවක් මසක්ම වරායේ Featured

මේ වන විට රට තුළ ගෑස් හිඟය බරපතළ වී තිබෙනවා.

ආරංචි මාර්ග සඳහන් කරන. ආකාරයට එල්.පී.ජී ගෑස් මෙට්‍රික් ටොන් 3500 ක් සමග පැමිණි නැවක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබෙනවා.

ඩොලර් ප්‍රශ්නය

ඒ එම ගෑස් තොගය නිදහස් කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැතිකම හේතුකොටගෙන.

වරාය ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට එල්.පී.ජී. ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් රැගෙන ආ නැව් දෙකක් මෙන්ම එල්.පී.ජී. ගෑස් මෙට්‍රික් ටොන් 2000 රැගෙන ආ එක් නැවක් මාසයක් පුරාවටම කොළඹ වරායේ හිර වී තිබෙනවා.

ඉන් එල්.පී.ජී. ගෑස් මෙට්‍රික් ටොන් 3500 හා එල්.පී.ජී. ගෑස් මෙට්‍රික් ටොන් 2000 ක් රැගෙන ආ නැව් දෙක පමණයි මේ වන විට නිදහස් කරගෙන තිබෙන්නේ.

මිල වැඩි කිරීම

ගෑස් අලෙවි ව්‍යාපාරයේ නියුතු ලිට්රෝ සහ ලාෆ් සමාගම් දෙකම රු.850 ක මිල වැඩි කිරීමක් පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා ඇති මුත් ඊට තවමත් අවසර ලැබී නැහැ.

එහෙත් මේ වන විට රුපියල් 2750 කට තිබෙන ගෑස් සිලින්ඩරයක් වෙළෙඳ පොලේ රු. 3500 කට වඩා වැඩි මුදලකට අලෙවි වන බවද වාර්තා වනවා.

විශේෂයෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩර නොමැතිව පාරිභෝගිකයින් දින ගණනක් ගෑස් අලෙවි හල අසල රස්තියාදු වුවද ලිට්රෝ සමාගම දිනකට නිකුත් කරන්නේ ගෑස් සිලින්ඩර 250ක් පමණක් බවයි දැනගන්නට තිබෙන්නේ.

ගෑස් නොමැතිකම හේතුවෙන් බේකරි නිෂ්පාදන ආශ්‍රිත ආයතන 1000 ක් පමණ මේ වන විටවසා දමා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සදහන් කරන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 16 March 2022 00:54