April 24, 2024

ගෑස් මිලත් ඉහල දාන්න ඉල්ලයි! වැඩිවෙන මිල මෙන්න

ගෑස් සිලින්ඩරයක මිල ඉහල දැමීමට මේවන විට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 850කින් ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

මේ අතර ලිට්‍රෝ සමාගම විසින් ඊයේ (12) දිනය තුළ ප්‍රදේශ කිහිපයකට ගෑස් නිකුත් කර තිබුණා.

කෙසේවෙතත් ඇතැම් ප්‍රදේශවල ගෑස් මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයින්ට සිදුවූයේ දිගු පෝලිම්වල රැඳී සිටීමටය.

ණයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් සිදුකිරීමට පැවති ගැටලු හේතුවෙන් පසුගිය දින කිහිපයේදී ප්‍රමාණවත් තරම් ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් නොකෙරිණි.

ලිට්‍රෝ සමාගම පැවසුවේ පෙරේදා සහ ඊයේ දිනයේදී ලක්ෂ 2ක පමණ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කළ බවය.

මේ අතර ඒෂියන් මිරර් වාර්තාකරු පැවසූවේ ලිට්‍රෝ ගෑස් සමාගම විසින් බගවන්තලාව නගරයේ ගෑස් අලෙවි නියෝජිතයාට ඊයේ (12) දින කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 60 පමණක් නිකුත් කර තිබෙන බවයි. 

බගවන්තලාව ගෑස් අලෙවි නියෝජිතයාට ඉකුත් මස 20 දින අවසන් වරට සිමිති ගෑස් ප්‍රමාණයක් පමණක් නිකුත් කිරිමෙන් පසු ඊයේ (12) දින සිය සමාගම විසින් ගෑස් සිලින්ඩර් 60 ලබා දුන් බවයි අප වාර්තාකරු පැවසූවේ.

Rate this item
(0 votes)