May 20, 2024

අත්‍යවශ්‍ය සහ හදිසි නොවන භාණ්ඩ සඳහා පැනවූ ආනයන සීමා ඉවත් කරයි

පසුගිය සැප්තැම්බර් 09 වැනිදා ප්‍රකාශයට පත්කළ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ 623ක් සඳහා මීට පෙර පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතුවක් තැබිය යුතුයි යන නීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (01) දිනයේ සිට ඉවත් කොට තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නියෝගයක් පරිදි මෙම ඉවත් කිරීමට සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

අධිපතිවරයා මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා සිටියේ මෙම ආන්තික මුදල් තැන්පතු නීතිය හේතුවෙන් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දුන් බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සය මාසික මාර්ග සැලැස්ම එළිදක්වමින් අධිපතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 October 2021 14:45