May 15, 2024

කොළඹ වරායෙන් කොටසක් අදානිට! ගිවිසුම අත්සන් තබයි

September 30, 2021

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදි කිරීමට අදාළ ගිවිසුම අද (30) දිනයේ දී අත්සන් තැබුවා.

මෙම ගිවිසුම අත්සන් තැබූවේ මීට පෙර නැගෙනහිර පර්යන්තය අයිතිය ලබාගැනීමට උත්සාහ කළ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය සමඟයි.

මෙහිදී අදානි සමාගම සම දේශීය නියෝජිත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම් අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් ඉක්මවන මෙම ව්‍යාපෘතිය අත්සන් තැබුණා.

වසර 35ක් සඳහා වන මෙම ගිවිසුම් කාලය තුළ අදානි සමාගම, ජෝන් කීල්ස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කිරීම් සිදුකිරීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 14:42