May 20, 2024

සහල් මිල තීරණය කළාට පසු ඩඩ්ලි දැමූ ෆේස්බුක් සටහන

September 29, 2021

අද (29) දිනයේ සිට ශ්‍රී ලංකා රජය විසින් සහල් මිල පාලනය සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු වෙනවා.

ඊයේ (28) දිනයේ දී මෙරට ප්‍රධාන සහල් මෝල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඉදිරියේ දී සහල් වර්ග තුනක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළා.

සහල් මෝල් හිමියන් විසින් මෙලෙස සහල් මිල තීරණය කිරීම පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ද දැඩි මතවාදාත්මක ප්‍රකාශයන් සිදුවෙමින් පවතින මොහොතක අරලිය සහල් හිමිකරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් සිය ෆේස්බුක් ගිනුමේ අපුරු සටහනක් තබා තිබුණා.

එහිදී ඒ මහතා පවසා තිබුණේ, "දුෂ්කරතා මැද වැටි වැටී නැඟිටපු මිනිස්සුන්ගෙ හිත් ගොඩාක් හයියයි. මොකද ඔවුන් දන්නවා වැටුණට පස්සෙ කොහොමද තනියම නැඟිටින්නෙ කියන එක. ඒ නිසා ඔබේ අධිෂ්ඨානය ශක්තිමත් නම්, දුෂ්කරතා කියන්නෙ තවත් එක් වචනයක්ම පමණයි. ඔබ සැමට සුබම සුබ දවසක්.!" යනුවෙනි

සහල් මිල වැඩි කළ හැටි කියවන්න මෙතනින්ආණ්ඩුවේ ගැසට් විසිවෙයි! සහල් මෝල් හිමියන් නව සිල්ලර මිල නිවේදනය කරයි

සහල් මෝල් හිමියන්ට ආණ්ඩු නිකුත් කළ රතු එළිය මෙතනින් කියවන්නසහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්!

ඩඩ්ලි සිරිසේන මහතා තැබූ මුල් ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 11:47