May 20, 2024

හිඟ වුණු සහල් මතුවෙයි! වෙළෙඳසැල්වලට ලැබුණු දුරකථන ඇමතුම

September 29, 2021

සහල් පාලන මිල සම්බන්ධයෙන් රජය විසින් පනවා තිබු අති විශේෂ ගැසට් පත්‍රය අද (29) දින සිට අවලංගු කිරිමත් සමඟ මේ රටේ ප්‍රධාන සහල් මොල් හිමියන් තම වෙළෙඳසැල්වලට දුරකථනයෙන් අමතා වෙළෙඳසැල්වලට අවශ්‍ය සහල් නිකුත් කිරිමට අවශ්‍ය ඇණවුම් ලබා ගන්නා බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් ඒෂියන් මිරර් සමඟ පවසා සිටියා.

ගැසට් නිවේදනය අවලංගු කිරිමට ප්‍රථම සහල් මෝල් හිමියන් විසින් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා නොදිම නිසා වෙළෙඳපොළ තුල සහල් හිගයක් ඇති වු බවත්, තම වෙලදසැලේ සහල් අලෙවි කිරිමට තිබුණොත් පමණක් අනෙකුත් ආහාර ද්‍රව්‍ය අලෙවි වන බවයි ව්‍යාපාරිකයන් කියා සිටින්නේ.

සහල් මෝල් හිමියන් විසින් සහල් නිකුත් කරනු ලබන තොග මිල අනුව ප්‍රවාහන ගාස්තුද සහිතව ඉතා සාධාරණ සිල්ලර මිලකට සහල් අලෙවි කරන බවත්, මින් ඉදිරියට කිසිදු බියකින් තොරව තම පාරිභෝගිකයාගේ ඉල්ලුම පරිදි සහල් සැපයුමක් ලබාදිය හැකි බවයි සහල් අලෙවි ව්‍යාපාරිකයන් පවසා සිටිනවා.

දැනට වෙළෙඳපොළේ දැඩි හිඟයක්ව පවතින කිරිපිටි හිඟයද නැති කිරිමට රජය පියවර ගත යුතු බව හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

(රංජිත් රාජපක්ෂ - හැටන්)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 29 September 2021 11:05