May 20, 2024

මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 50ක් මුදාහරී!

September 29, 2021

කොළඹ වරායේ දැනට බාහලුම් 800ක පමණ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් මුදාහැර තිබෙනවා.

අදාළ මුදල මෙරට ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක් හරහා ආනයනකරුවන්ට ලබාදීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදවා ගැනීම සඳහා තවත් මුදල් අවශ්‍ය නම් ඒවා ලබාදීමට සුදානම් බවද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසා සිටියා.

මීට පෙර අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේ දී මෙම ආහාර ද්‍රව්‍ය වහාම නිදහස් කරන ලෙස බලධාරීන්ට නියෝග කර සිටි අතර ඊට පෙර ආනයනකරුවන් විසින් මෙම ආහාර ද්‍රව්‍ය නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් ද කර තිබුණා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 29 September 2021 08:52