May 20, 2024

සහල් මිල අතට ගත්ත මෝල් හිමියන්ට රජයෙන් රතු එළියක්!

September 28, 2021

ඊයේ (27) දිනයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සහල් පිළිබඳව පාරිභෝගික අධිකාරිය විසින් පනවා තිබෙන ගැසට් පත්‍රය අවලංගු කිරීමට තීරණය කර තිබුණා.

ඒ අනුව අමාත්‍ය මණ්ඩල තීරණය ලද විගස බොහෝ විට හෙට (29) පමණ වන විට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට පාරිභෝගික අධිකාරිය විසින් කටයුතු කරනු ඇතියි.

අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගනු ලැබුවේ සත්භාවයෙන්ම පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමේ මූලික පරමාර්ථය ඇතිව බවයි වාර්තා වන්නේ.

නමුත් යම් පාර්ශ්වයක් එම නිදහස් කිරීම් අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන සහල් මිළ අසාධාරණ ලෙස වැඩිකිරීමට උත්සාහ දරන්නේ නම් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය සහ පාරිභෝගික අධිකාරිය අවශ්‍ය මැදිහත් වීම ඉතා වගකීමකින් යුතුව ඉටු කරන බවට සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව සහල් හිමියන්ගේ සංගමය විසින් අද (28) දිනයේ ප්‍රකාශ කර තිබෙන සහල් මිළ ගණන් කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව අද දින අමාත්‍යාංශයේදී පවත්වන ලද පුවත්පත් සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියා.

ඊයේ (27) දිනයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබාගත් තීන්දුවක් මත සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමේ කටයුතු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් මත වෙළෙඳ අමාත්‍යාංශය විසින් අද (28) දින ආරම්භ කර තිබෙනවා.

කඩිනමින් එම සහල් ආනයනය කර පාරිභෝගික ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වෙළෙඳ අමාත්‍යාංශය විසින් ගෙන තිබෙන බවත් ගරු රාජ්‍ය අමාතවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියා.

වැඩි වූ සහල් මිල ගැන මෙතනින් කියවන්න > ආණ්ඩුවේ ගැසට් විසිවෙයි! සහල් මෝල් හිමියන් නව සිල්ලර මිල නිවේදනය කරයි!!

Rate this item
(0 votes)