May 20, 2024

ආණ්ඩුවේ ගැසට් විසිවෙයි! සහල් මෝල් හිමියන් නව සිල්ලර මිල නිවේදනය කරයි!!

September 28, 2021

ඊයේ (27) දිනයේ රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් මෙරට සහල් තොග සහ සිල්ලර මිල සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට කටයුතු කළා.

ඒත් සමඟම සහල් මිල පාලනය කිරීම සඳහා තිබූ ගැසට් පත්‍රයද අහෝසි වී ගියා.

අද (28) දිනයේ මෙරට ප්‍රධාන පෙළේ හාල් මෝල් හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා සහල් මිල ඉහළ යෑම පිළිබඳව අදහස් පළ කර සිටියා.

එහිදී අදහස් දැක්වූ අරලිය සහල් හිමි ඩඩ්ලි සිරිසේන මහතා විසින් ඉදිරියේ දී සහල්වල මිල ගණන් පිළිබඳව පවසා සිටියා.

ඒ අනුව, නාඩු සහල් කිලෝ 1ක් සඳහා නව සිල්ලර මිල රුපියල් 115ක්ද, සම්බා සහල් කිලෝ 1ක් සඳහා නව සිල්ලර මිල රුපියල් 140ක්ද, කීරි සම්බ සහල් කිලෝ 1ක් සඳහා නව සිල්ලර මිල රුපියල් 165ක් ද වශයෙන් මිල ගණන්වලට යටත් අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

ඩඩ්ලි සිරිසේන මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ගුණාත්මක භාවයෙන් යුතුව නිෂ්පාදනය කරන ලද උසස්ම තත්ත්වයේ සහල්වල මිල ගණන් ඉහත පරිදි වනු ඇති බවත්, අනිකුත් නිෂ්පාදන ඊට වඩා අඩු මිලකට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන බවත් පවසා සිටියා.

සහල් මෝල් හිමියන් ලෙස නාඩු වී රුපියල් 62.50කටත්, සම්බා වී රුපියල් 70කටත්, කිරී සම්බා වී රුපියල් 80කටත් මිලදී ගැනීමට සුදානම් බවද සිරිසේන මහතා සඳහන් කළා. 

රජය විසින් සහල් පාලන මිල සඳහා යෝජනා කර තිබුණේ කීරි සම්බා සඳහා උපරිම පාලන මිල රුපියල් 140ක්ද, සම්බා සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 120ක් දක්වා ඉහළ දැමීමටයි.

නමුත් දැන් සහල් මෝල් හිමියන් විසින් නව මිල ගණන් යටතේ රජයේ පාලන මිලට වඩා සම්බා සහල් කිලෝ එකක මිල රුපියල් 20කින්, කීරි සම්බා සහල් කිලෝ එකක මිල රුපියල් 25කින්ද ඉහළ දමා තිබෙනවා.

ඩඩ්ලි සිරිසේන මහතා පළ කළ අදහස පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 15:48