May 20, 2024

සහල් පාලන මිල ඉවතට! රටිනුත් සහල් ගේන්න යයි

September 28, 2021

ඊයේ (27) දිනයේ කැබිනට් මණ්ඩලය රැස්වූ අතර එහිදී මෙරට අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල සම්බන්ධයෙන් ද තීරණයක් ගනු ලැබුවා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ දී තීරණය කරනු ලැබූ කොළඹ වරායේ සිරවී තිබෙන ආහාර තොග නිදහස් කිරීම සඳහා මහ බැංකුවෙන් අවශ්‍ය කරන මුදල් ලබාදීමට එකඟවී තිබෙනවා.

ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.

සහල් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන අතර එම තීරණයත් සමඟ සහල් සඳහා පනවා තිබූ ගැසට් පත්‍රයද අහෝසි වී යනවා.

රට තුළ කෘතිමව සහල් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා මෙරටට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ද ආනයනය කිරීමටද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 September 2021 21:43