April 28, 2024

ඇමති අලි සබ්රිත් වැලිකඩ බන්ධනාගාරයට ගිහින්

September 23, 2021

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන් වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (23) පෙරවරුවේ සහභාගී වුණා.

මෙහිදී අමාත්‍යරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ සුහඳ සාකච්ඡාවක නිරත වුණු බවයි වාර්තා වන්නේ.

එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්වූවා.

එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කළේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ පොදු සමාව ලබාදීමේදී සියළුම සිරකරුවන් සඳහා එකම ක්‍රමවේදයක් ඇති කිරීම සහ සිරකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක්‍රමවේදයක් සකසාදීම ආදී සිරකරුවන්ට බලපාන කරුණූ කිහිපයක් පිළිබඳවයි.

සිරකරුවන්ගේ ගැටළු හා ප්‍රශ්ණ වලට සවන් දුන් අමාත්‍යවරයා සඳහන් කලේ දිගින් දිගටම වැරදි සිදුකරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයින්ද සිටින අතර එම වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දියයුතු බවයි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම ගැටලු සඳහා ලබාදිය යුතු විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට අද දින සිටම ක්‍රියාත්මක වන බවත් එසේ අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා සිරකරුවන්ට පවසා සිටියා.  

බන්ධනාගාර පනත අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව යහපත් කල් ක්‍රියාවෙන් සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ හැකියාවක් පවතින අතර එම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන්න සිරමැදුරුවල තාප්ප වලට පමණක් සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතු බවයි.

මෙම අවස්ථාවට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක් සිටියා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 September 2021 16:16

Related items