April 28, 2024

ඇමති අලි සබ්රි වරාය නගරයේ ලොකු වැඩක් පටන් ගනී

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය, කොළඹ වරාය නගරයේ වාණිජ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් සංවර්ධනය කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් අධිකරණ අමාත්‍යාංශය හා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව අතර අත්සන් තැබීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්.යූ.එම්. අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 27 වනදා අධිකරණ අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය කලාපීය බේරුම්කරණ මධ්‍යස්ථානයක් වශයෙන් වැඩිදියුණු කිරීමත්, කොළඹ වරාය නගරයේ වාණිජ ආරවුල් බේරුම්කරණය තුලින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට රැගෙන ඒමත් මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.

අධිකරණ අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නෙ මහතා හා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව වෙනුවෙන් එම කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සාලිය වික්‍රමසූරිය මහතා විසින් එම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 22:14

Related items