April 28, 2024

අලි ෂබ්රි දැඩි ස්ථාවරයක: පොහොට්ටුවේ මුස්ලිම් මන්ත්‍රී ඉල්ලීමත් ප්‍රතික්ෂේප කරයි

November 04, 2021

අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගෙන ඇති තීන්දුව වෙනස් නොකිරීමට අලි ශබ්ද මහතා තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් අධිකරණ අමාත්‍යධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට කළ ඉල්ලීමද අලි සබ්රි මහතා ප්‍රතික්ෂේප කර ඇති බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම

මේ මොහොතේ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙසට ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසක් අලි සබ්රි මහතා මුණ ගැසී ඉල්ලීමක් කර තිබෙනවා.

එම පිරිසට අලි සබ්රි මහතා පෙන්වා දී තිබෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ගෙ පත්වීමෙන් පසු තමාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට මුස්ලිම් සමාජයෙන් එල්ල වන බලපෑම ඉතා දැඩි බවයි.

එම නිසා තමන් ඉතා පැහැදිළි තීන්දුවක් මේ වන විටත් ගෙන තිබෙන බවත් එය විදේශගතව සිටින ජනපතිවරයා මෙරටට පැමිණීමෙන් පසු දැනුම් දෙන බවයි ආණ්ඩු පක්ෂ මුස්ලිම් මන්ත්‍රීවරුන්ට අලි සබ්රි මහතා සඳහන් කර තිබෙන්නේ.

ජනපතිවරයා මේ වන විට සිටින්නේ ස්කොට්ලන්තයේ සංචාරයක නියැලෙමින්.

කාර්ය සාධන බලකාය

එක රටක් එක නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජනපති කාර්ය සාධන බලකායක් පිහිටුවා එහි සභාපති ධූරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමිට ලබාදීමට ජනපතිවරයා මීට ටික දිනකට පෙර පියවර ගත්තා.

එම කාර්ය සාධන බලකායේ සාමාජිකයන් ද මේ වන විට නම් කර අවසන් වන අතර ඊට ඇතුළත්ව තිබෙන්නේ සිංහල හා මුස්ලිම් ජාතිකයන් පමණයි.

එම පත් වීමට එරෙහිව සිංහල දමිළ හා මුස්ලිම් යන ජන කොට්ඨාශ 3න්ම විරෝධතා එල්ල වෙමින් තිබෙනවා.

අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරයෙකු ලෙසත් සුපුරුදු පරිදි අධිකරණයේ නීතිඥ වෘත්තිය කටයුතු වලටත් සහභාගි වීමට අලි සබ්රි මහතා තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 06 November 2021 04:06

Related items