April 18, 2024

අලි ෂබ්රිත් ඉල්ලා අස්වීමේ තීරණය රිවස් කරයි: දිගටම ඇමතිකමේ ඉන්න හිත හදා ගනි

November 07, 2021

අධිකරණ ඇමැති අලි ෂබ්රි මහතා එම ධූරයෙන් ඉූරයෙන් හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට නියමිතව තිබුණේ ඊයේ (6) වැනිදා.

ඒ එක් රටක් එක් නීතියක් නිර්මාණය කිරීම සඳහා වූ ජනපති කාර්ය බලකායක් පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් පත් කිරීම හේතුවෙන්.

ඉල්ලා අස්වීමේ ලිපි

ජනපතිවරයා යළි මෙරටට පැමිණි පසු එම ඉල්ලා අස්වීමේ ලිපි ඔහුට බාර දීමටයි අලි ෂබ්රි අමාත්‍යවරයා සූදානමින් සිටියේ.

එහෙත් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අලි ෂබ්රි මහතා එම තීරණයේ දැන් වෙනස් කරගෙන.

ඒ ජනපතිවරයා කළ ඉල්ලීමකට අනුව.

ලිපි ප්‍රතික්ෂේප කිරීම

අලි සබ්රි මහතා ජනපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දී ඇති මුත් ජනපතිවරයා එය පිළිගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

එහිදී ඥානසාර හිමිගේ හිමි ගේ සභාපතිත්වයෙන් පත්කළ ජනපති කොමිසම පිළිබඳව ජනපතිවරයා මෙන්ම අමාත්‍යවරයාද අදහස් පළ කර ගෙන තිබෙන බවත් දැනගන්නට තිබෙනවා.

අමාත්‍යවරයා ජනපතිවරයාට පෙන්වා දී තිබෙන්නේ රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතන තිබියදී මෙවන් කාර්ය සාධන බලකා හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටලුවක් බවයි.

ජනපතිවරයාගේ සහතිකය

එනිසා මෙම පත්කිරීම පිළිබඳව තමන්ගේ පැහැදීමක් නැති බවත් අලි ෂබ්රි ඇමතිවරයා ජනපතිවරයාට පවසා තිබෙනවා.

ජනපතිවරයා ඊට පිළිතුරු දෙමින් සඳහන් කර තිබෙන්නේ මෙම කාර්යය සාධන බලකාය පත්කර තිබෙන්නේ තමන්ට උපදෙස් ලබා ගැනීමට මිස නීති සකස් කිරීමට නොවන බවයි.

එමෙන්ම නීති සකස් කිරීමේදී අනිවාර්යයෙන්ම අධිකරණ අමාත්‍යවරයාගේ (අලි ෂබ්රි) දායකත්වයද ලබා ගන්නා බවට සහතිකයක්ද ජනපතිවරයා අමාත්‍යවරයාට දී තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම

අධිකරණ ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීන්දුව වෙනස් කරන ලෙස පොදුජන පෙරමුණ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් අලි සබ්රි මහතාගෙන් ඉල්ලීමක් කළද ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

ඔවුන් එම ඉල්ලීම කර තිබුණේ ජනපතිවරයා විදෙස්ගතව සිටියදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 11:58

Related items