May 02, 2024

කහතුඩුව ප්‍රදේශයේ ළිංවලින් තෙල් මතුවෙයි! හේතුවත් සොයාගනී

September 18, 2021

කහතුඩුව, කෝරලඉම ප්‍රදේශයේ නිවාස 10ක පමණ ළිං වලින් තෙල් මතුවී ඇතැයි වාර්තා වනවා.

දින කිහිපයක සිට එම ළිං ජලයේ රසෙහි වෙනසක් දැනී ඇතැයි එම ප්‍රදේශයේ ජනතාව පවසනවා.

ඒ බව පරීක්ෂා කර බැලීමේදී ජලයේ තෙල් තට්ටුවක් ඇති බවට නිරීක්ෂණය වී ඇතැයි වාර්තා වනවා.

ඒ අනුව ප්‍රදේශවාසීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දැනුවත් කර ඇති අතර පසුව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ අදාළ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අබලි ද්‍රව්‍ය එක්රැස් කරන ස්ථානයකින් බැහැර කරන ලද තෙල් මෙලෙස ළිං ජලයට මුසුවී ඇති බවටයි.

ඒ අනුව අදාළ අබලි ද්‍රව්‍ය එක් රැස්කිරීමේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය හිමිකරු මොරගහහේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)