April 27, 2024

මහින්ද අමරවීර ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙන්න යයි

September 08, 2021

ඊයේ (07) දිනයේ පැවැති පාර්ලිමේන්තු සැසිවාරයේ දී දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර ප්‍රදේශයෙන් ලබාගන්නා වැලි රැගෙන ගොස් මාලදිවයිනේ දූපතක් ගොඩ කරන බවට චෝදනාවක් එල්ල කළා.

මේ සම්බන්ධයෙන් අද (08) පැවැති මාධ්‍ය හමුවකදී පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ සානක්කියන් මන්ත්‍රීවරයා විසින් කළ චෝදනාව ඔහු විසින් ඔප්පු කරන්නේ නම් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවයි.

අමාත්‍යවරයා එහිදී පවසා සිටියේ මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා මෙරටින් වැලි ගෙන යන බවට ඔප්පු කරන්නේ නම් තමා අමාත්‍ය ධූරයෙන් පමණක් නොව මන්ත්‍රී ධූරයෙන්ද ඉවත්වීමට සුදානම් බවයි.

සබැඳි පුවත > 

නැගෙනහිර වැලි ජාවාරමක්: ඩොලර් අතුරුදහන් - පිටපුස සිටින්නේ ආණ්ඩුකාරවරිය - මන්ත්‍රීගෙන් හෙළිදරව්වක්

රාසමානික්කම් මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 September 2021 16:10

Related items