February 05, 2025

විමල්ගේ‌ නිවසේ හදිසි සාකච්ජාවක් කැඳවයි! ප්‍රබල ඇමැතිවරු තිදෙනෙකුත් එයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විදුහල්පති සේවා හා ගුරු සේවා වැටුප් විෂමතාව විසඳීමට අදාලව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (12) පෙරවරුවේ කොළඹදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිල නිවසේදී සිය පළමු හමුව පවත්වා තිබෙනවා.

එහිදී එම අනු කමිටුවට අදාල අමාත්‍යවරුන් තිදෙනාද පැමිණි බව වාර්තා වනවා.

එම අනු කමිටුවට අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවිර පත් කර තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පිළිගෙන ඇති ආකාරයට විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ධූරාවලිය තුළ ගෞරවනීය වෘත්තිකයන් බවට පත්කිරීම පෙරදැරි කරගෙන සාකච්ඡා පැවැත්විණි.

මෙතෙක් ඒ සම්බන්ධව ගෙන ඇති පියවරයන් පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාගත් කමිටුව, එළඹෙන සතිය තුළ තුළ අදාළ වෘත්තීය සමිති වෙන වෙනම මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.

අමාත්‍ය මණ්ඩලය තීරණයට අනුකූලව හැකිතාක් කඩිනමින් සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීමට අනු කමිටුව පියවර ගනු ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 August 2021 00:39
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449