May 02, 2024

මෛත්‍රිට යළි ජනපති වෙන්න කියයි - ශ්‍රීලනිප ඇමතිවරු ඇමතිකම් අත්හරින්න සූදානම්

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ආසන කළමණාකරුවන් හා ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පිරිසක්  ඉල්ලිමක් කොට තිබෙනවා.

ගාල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමුළුවේ දී මෙම ඉල්ලිම ඉදිරිපත් කොට තිබෙනවා.

ග්‍රාමිය ජනතාවගේ ඉල්ලුම ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට බවත් හිටපු ජනාධිපතිවරයා කරපු සේවය ගැන දැන් කොයි කවුරුත් කතා කරන බවද මෙහිදි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු පෙන්වා දී තිබෙනවා.

එම නිසා ජනාධිපතිවරණය සදහා නැවත වතාවක් ඉදිරිපත්වන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ඉල්ලිමක් කොට තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කොට නොමැති අතර තමන්ගේ ප්‍රතිපත්ති වලට ලෝකයේ රාජ්‍ය නායකයින් ගරු කළ බව හිටපු ජනාධිපතිවරයා මෙහිදි ප්‍රකාශ කොට තිබෙනවා.

මේ අතර මහින්ද අමරවීර, දුමින්ද දිසානායක හා දයාසිරි ජයසේකර යන ඇමතිවරුන් සඳහන් කොට ඇත්තේ තමන් ඕනෑම අවස්ථාවක ආණ්ඩුවෙන් ඉවත්විමට හෝ ඇමති ධූර අත්හැරිමට සුදානම් බවයි.

පක්ෂය සංවිධානය කිරිම හා ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවත් එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට ආණ්ඩුවේ සිටිම බාධාවක් නොවන බවද මෙහිදි දුමින්ද දිසානායක රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 July 2021 00:10