May 02, 2024

"මේවා සිල්ලර සංශෝධන" - කිරිඇල්ලගෙන් ඇමති සබ්රිට චෝදනා (VIDEO)

අධිකරණ ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන සංශෝධන පිලිබඳ ප්‍රශ්නයක් නොමැති බවත් නමුත් මේවා සිල්ලර සංශෝධන බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේදීය.

රටේ ජනතාව වගේම ජාත්‍යන්තරය පවා බලාපොරොත්තු වන්නේ මෙවැනි දේවල් නොවන බවද ඒ මහතා පෙන්වා දෙනවා.

20 වැනි සංශෝධනය ගෙනැවිත් 19 වන ව්‍යස්ථා සංශෝධනය යටතේ විධායක බලතල විමධ්‍යගත කළ බවද සඳහන් කරනවා.

විධායක බලතල විමධ්‍යගත කර අධිකරණය ස්වාධීන කළ බවද ඒ මහතා පවසනවා. 

"ස්වාධීනත්වය නැති කර බලය එක් පුද්ගලයෙකුගේ අතට අරගෙන ඔබතුමා කොහොමද කියන්නේ අධිකරණයේ ගුණාත්මකභාවය සහ ප්‍රජාත්‍රන්තවාදයේ නිදහස ගැන"යනුවෙන් කිරිඇල්ල ඇමතිවරයා ඇමති අලි සබ්‍රිගෙන් ප්‍රශ්න කළා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 July 2021 15:14

Related items