May 09, 2024

“අපේ ජීවිතේ අනතුරේ - ජනපති වගකියන්න ඕන” - හිරුණිකාගේ මවගෙන් විශේෂ ප්‍රකාශයක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් ඊයේ (02) දිනයේ පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය ජීවිත දැන් අනතුරේ ඇති බවයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ව සිට මරණ දඬුවම ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරිමත් සමඟ සිය පවුලේ අයගේ ජීවිත අනතුරේ වැටී ඇති බව සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියා.

සිය පවුලේ කිසිවෙකුගේ හෝ ජීවිත අනතුරේ වැටුණහොත් එයට ජනාධිපතිවරයා වගකිව යුතු බවද ඇය සඳහන් කළා.

“මේ සිද්ධිය සිදුවුණේ 2011 යේ ඔක්තොම්බර් 08 වැනිදා.. මං විශේෂයෙන්ම මේක කියන්න ඕන ඒ වෙන කොට තිබුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය..2011 ඔක්තොම්බර් මාසය වෙද්දී..2015 ජනවාරි වෙද්දී මේ සම්බන්ධයෙන් වන සියලු නඩු කටයුතු අවසන් වෙලා තිබුණේ..නොයෙකුත් අය කියනවානේ මේක ආණ්ඩු මාරුවත් එක්ක වෙනස් වුණා කියලා.. ඒ නිසා මං කියන්නේ 2011 ඔක්තොම්බර් 08 කියන්නේ අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය තිබිච්ච කාලය..” යනුවෙන් සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් පවසා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය විසින් දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් විමසා යොමුකළ ලිපිවලට තවම පිළිතුරු ලබා දී නොමැති බවද භාරත ලක්ෂන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පවසා සිටියා.

Rate this item
(1 Vote)

Related items