April 27, 2024

පාට පක්ෂ භේද නැහැ - දුමින්ද සිල්වා දේශපාලන ආගමනය ගැන කියයි

December 19, 2021

පක්ෂ, පාට බේදයකින් තොරව ජනතා සේවයට කැපවී කටයුතු කිරීම තම මූලික අරමුණ බව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා පවසනවා.

නාරාහේන්පිට ප්‍රදේශයේදී නව නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ, රජයේ මූලික දැක්ම වන්නේද අභියෝග වලින් රට ගොඩනැඟිම බවයි.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

"අපි කියන්නේ නැහැ අපේ පක්ෂයේ යම් යම් හැලහැප්පීම් නැහැ කියලා. හැලහැප්පීම් තියෙනවා. හැලහැප්පීම් තියෙලා තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. අපේ පක්ෂය ගොඩ නගන්න බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා කොච්චර කැප වුණාද කියලා අපි කවුරුත් දන්නවා. කවුරු කොහෙන් කොහේ ගියත් අපි යන්නේ නැහැ. අපි ඉන්නවා. පක්ෂ, පාට භේද මම බලන්නේ නැහැ. ගිය ආණ්ඩුවේ කොහොමද වුනේ කියලා ඔයගොල්ලෝ කවුරුත් දන්නවා මොකක්ද වුණේ කියලා. ආපු ගමන්ම රාජපක්ෂවරුන්ගෙන් පලි අරගෙන මුලින්ම පලි ගත්තේ මගෙන්. ඒ නිසා මම තමුන්නාන්සේලා එක්ක ඉන්නවා. ඉදිරි මැතිවරණයේදී මම තමුන්නාන්සේලා ලඟට එනවා. ජන්දේ ඉල්ලයිද නැද්ද දන්නේ නැහැ. මම මේ සභාපතිකම ගත්තේ සල්ලි ගන්නවත්, කොමිස් ගහන්නවත් නෙවෙයි. මේ රට ගොඩ නගන්න තමයි අවශ්‍යතාවය තියෙන්නේ."

Rate this item
(0 votes)

Related items