May 09, 2024

ඔබේ කශේරුකාව කෝ? හිරුණිකාගෙන් ජනපතිට ලිපියක්

සිය පියා ඝාතනය කිරීම හේතුකොටගෙන මරණීය දණ්ඩනය නියමව සිටි දුමින්ද සිල්වා මහතාට ජනපති සමාව ලබා දී නිදහස් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනපතිවරයා වෙත ලිපියක් යවා තිබෙනවා.

දුමින්ද සිල්වා මහතාව අද (24) පොසොන් පොහෝ දින ජනපතිවරයා විසින් ජනාධිපති සමාවදී නිදහස් කරනු ලැබුවා.

එක රටක් එක නීතියක් වචනයට සීමා වීම

එක රටක් එක නීතියක් යන තේමාව යටතේ ඔබ ජනාධිපතිවරණයේදී ලද ජයග්‍රහණය හුදෙක්ම එම මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා යොදාගත් වචන පෙළක් බව දැන් තහවුරු වී තිබෙන බවයි ජනපතිවරයා වෙත යැවූ ලිපියේ ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කොට තිබෙන්නේ.

මෙසේ වැරදිකරුවන් හිතුමතේ ජනාධිපති සමාව යටතේ නිදහස් කරනවා නම් සිරගෙවල් , නීතිය හා විනිසුරුවන් කුමකටද යන්න සිය ලිපියෙන් ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටිනවා.

ජනතාව වහලුන් බවට පත් කිරීම

ඔබගේ කශේරුකාවක් නැති තීරණ නිසා අද දවසේ අප මාතෘ භූමිය නීතියක් නොමැති , ස්වාමියා විසින් වහලුන් පිරිසක් මරණය කරා දක්කාගෙන යන රටක් බවට පත්වී හමාර බව සිය ලිපියෙන් ජනපතිවරයා වෙත පෙන්වා දෙන ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද රට පාලනය කරන්නෙ ඔබ (ජනපති) නොවන බවද පිළිගන්නා ලෙස සඳහන් කොට තිබෙනවා.

මම නම් සමාව දීලා ඉවරයි

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රී වරයාට තමා අදහන බුදු දහමට අනුව සමාව දී අවසන් බවත් එහෙත් ඔබගේ අලුත උපන් මිනිපිරිය අනාගතයේදී ඔබ පිළිබඳව ආඩම්බරයෙන් කතා කිරීමට ඔබ ඉතිරි කර යන්නේ කුමක්දැයි යන්නද ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ලිපිය හරහා ජනපතිවරයාගෙන් ප්‍රශ්න කරනවා. 

සිය පියා වත්මන් අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා 2005 මෙරට ජනපතිවරයා කිරිම සඳහා කළ කැපකිරීම් මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කළ කැප කිරීම පිළිබඳවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනපතිවරයා වෙත යැවූ ලිපියෙන් සවිස්තරාත්මක විස්තරයක් කොට තිබෙනවා 

ජනපතිවරයා වෙත හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය යැවූ සම්පූර්ණ ලිපිය මෙසේය.

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

May be an image of text

Rate this item
(4 votes)
Last modified on Thursday, 24 June 2021 21:27

Related items