May 11, 2024

ආහාර ද්‍රව්‍ය කිහිපයක් ගැන අති විශේෂ ගැසට් නිවේදනයක්

සහල්, සීනි, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනය කරන්නන්, ගබඩාකරුවන්, බෙදාහරින්නන් සහ තොග වෙළඳුන් සිය තොග පිළිබඳ දත්ත තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබාදිය යුතු බවට වන ගැසට් නිවේදන නිකුත් කිරීමට රජය කටයුතු කර තිබෙනවා.

දින 07 ක් තුළ එම දත්ත ලබා දිය යුතු බවයි එහි සඳහන් වන්නේ.

එමෙන්ම, ඔවුන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචිය ද එම දින 07 තුළ අනිවාර්යයෙන් ලබාගත යුතුවනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචියකින් තොරව කිසිදු සහල් නිෂ්පාදකයෙකුට හෝ වී මෝල් හිමියෙකුට තොග තබා ගැනීමට අවසර හිමිවන්නේ ද නැහැ.

තව ද, සීනි සහ කිරිපිටි මෙන්ම බඩඉරිඟු පිළිබඳ සියලු තොරතුරුද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත නොසඟවා සැපයිය යුතු බවට ද මෙම ගැසට් නිවේදන මගින් ප්‍රකාශ කොට තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 June 2021 08:48