May 11, 2024

ගෑස්, කිරිපිටි, චිකන් සහ සිමෙන්ති මිල වෙනස්වන ලකුණු! Featured

පවතින වර්තමාන වෙළඳපොල තත්ත්වය යටතේ භාණ්ඩ හා ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ නැංවීම සඳහා ඒවා නිපදවන සහ ආනයනය කරන සමාගම්, පාරිභෝගික අධිකාරිය වෙතින් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙනවා.

ගෑස්, කිරිපිටි, සිමෙන්ති හා කුකුළු මස් ආදී දෑවල මිල මෙලෙස ඉහළ නැංවීමටයි ඉල්ලීම් ඉදිරිපත් වී ඇත්තේ.

රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන වියදම ඉහළ යාම, ලෝක වෙළෙඳපොළේ භාණ්ඩ හිඟය නිසා මිල ඉහළ යාම, සැපයුම අඩුවීම, ප්‍රවාහන වියදම් වැඩිවීම, කන්ටේනර් ගාස්තු ඉහළ යාම හා ප්‍රවාහනය සඳහා නැව් හිඟය ඇතුළු කාරණා ගණනාවක් මෙම ඉල්ලීමට හේතු ලෙස අදාළ සමාගම් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් රජයේ පාර්ශවයෙන් මෙම ඉල්ලීම් පිළිබඳව තවමත් නිෂ්චිත තීරණයක් ගෙන නැති බව සඳහන්.

අදාළ භාණ්ඩ සහ ද්‍රව්‍ය සියල්ල පවතින්නේ රජයේ මිල පාලනයට යටත්ව නිසා ඒවායේ මිල රජයේ අවසරයකින් තොරව ඉහළ නැංවීමට හැකියාවක් නැහැ.

Rate this item
(3 votes)
Last modified on Sunday, 06 June 2021 07:51