June 17, 2024

ඉන්දියාව කැළඹූ යාස් සුළිකුණාටුව ශ්‍රී ලංකාවේ උතුරේ නිවාසත් වනසා දමයි (PHOTOS)

යාස් සුලිකුණාටුව උතුරු පළාතට බලපෑමෙන් ගෙවී ගිය දින දෙකක කාලය තුල පවුල් 43 කට අයත් පුද්ගලයින් 163 ක් පීඩාවට පත්ව ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකුද තුවාල ලබා ඇතැයි ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.

සුලිකුණාටු තත්වය හේතුවෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 25 දෙනෙකුත්, මුලතිව් දිස්ත්‍රීක්කයේ 58ක්, මන්නාරමේ 59 ක් සහ වව්නියාවේ 29 ක් වශයෙන් පීඩාවන්ට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මේ අතර සුලිකුණාටු තත්වයන් හේතුවෙන් නිවෙස්හි වහලය කඩා වැටීම හේතුවෙන් යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

එමෙන්ම සුලිසුලං නිසා යාපනයේ නිවාස 04 ක්, මුලතිව්හි 38 ක්, මන්නාරමේ 13 ක් සහ වව්නියාවේ 03 ක් ලෙසින් නිවාසවලට හානි සිදුව ඇති බවටද දිස්ත්‍රීක් ආපදා කලමණාකරන කාර්යාල විසින් පෙන්වා දෙයි.

සුලිසුලං හේතුවෙන් වැඩි වශයෙන්ම මන්නරමේ නිවාසවලට හා ධීවර ආම්පන්නවලට හානි සිදුව ඇති අතර එහිදී වහලය ගැලවී යාම, මුහුදු රළ නිවෙස් වෙතට ඒම, ධීවර ආම්පන්න ගසාගෙන යාම වැනි ආපදාවන් සිදුව තිබේ.

හානි සිදුව ඇති ප්‍රදේශවල ඡායාරූප පහතින්,

රොමේෂ් මධුසංඛ (වන්නිය)

Rate this item
(0 votes)
Last modified on Thursday, 27 May 2021 14:41