May 02, 2024

රක්ෂිතයේ ඉඩම් බෙදූ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

කන්තලේ වාන්ඇල විහාරගල රක්ෂිතයේ ඉඩම් කට්ටිකර පුද්ගලයන් පිරිසකට බෙදීමේ නිරතව සිටී කන්තලේ ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

සැකකරු මෙම ඉඩම් කැබලි කර බෙදමින් සිටියදී ඊට එරෙහිවූ අඩවි වන නිලධාරියකුගේ රාජකාරියකට ද බාධා කර ඇතැයි අජිත් රෝහණ මහතා පැවසීය.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකාර මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු බව පොලීසිය පැවසී ය.

Rate this item
(1 Vote)