May 09, 2024

හිරුණිකා අධිකරණයට ඉදිරිපත් වෙයි - නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය නීතිඥවරිය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඇය වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය.

2015 වසරේ තරුණයකු පැහැරගෙන ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවක් අද (10) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියේය.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය. එහෙත් එම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවකින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණියේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායිකාවට මාස එක හමාරක් වයසැති බිළිඳෙකු සිටින බවත් ඇය අද පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණ රැඳී සිටි බවත් පැවසුවේය.

එහෙත් නිසි වේලාවට අධිකරණ ශාලාවට ඇතුළුවීමට නොහැකි වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වූ බවත් ඒ සම්බන්ධයෙන් සමාව අයදින බව කී නීතිඥවරිය මින්මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින බවටත් ප්‍රතිඥාවක් ලබා දුන්නේය.

ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් මතුවට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් ප්‍රතිකාරයට අවවාද කර තිබේ.

නඩුව නැවත ජුනි මස 17 වනදා කැඳවීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 March 2021 13:57

Related items