May 12, 2024

දේවානි ගහ වටේ පහන් පත්තු කරලා බාර ගැට ගැහැව්වනම් මෝඩ බයියෝ ජීවිතේට ගහ කපන්න ඉඩ දෙන්නේ නෑ - හිරුණිකා

February 13, 2021

වත්මන් පාලන තන්ත්‍රයට වඩා පරිසරයට වෛර කරන එය විනාශ කරන ආණ්ඩුවක් ශ්‍රී ලංකාවේ සමස්ත ඉතිහාසයේ කිසි දිනෙක නොතිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

සමගි වනිතා බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළාය.

ගම්පහ දිස්ත්‍රික් වනජීවී නිලධාරි දේවානි ජයතිලක මහත්මිය විසින් මෑතකදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කෘෘඩියා සෙලානිකා ගසක් බේරා ගැනීමට ගත් උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමචන්ද්‍ර මහත්මිය කියා සිටියේ එම ශාඛය බේරා ගැනීමට නම් එහි විද්‍යාත්මක වටිනාකම් පහද දීමට වඩා කල යුතුව තිබුනේ එය වටා පහන් දල්වා විවිධ වර්ණ වලින් කොඩි එල්ලා ග්‍රහ අපල දුරු වේවා ලෙස සඳහන් කොඩි එල්ලීම බව ඇය පැවසුවාය.

එසේ කලානම් මෝඩ බයියන් විසින් එම ශාඛය විනාශ කිරීමට ඉඩ නොදෙන බව ඇය පැවසුවාය.

වත්මන් රජය බලයට ගෙන ඒමට ඡන්දය ලබාදුන් අයගෙන් බහුතරයකගේ දැනුම් මට්ටමට ඒ මට්ටමේ බැවින් ඔවුන් සමඟ කටයුතු කළ යුත්තේ එයාකාරයෙන් බව වැඩිදුර අදහස් දක්වමින් ඇය පැවසුවාය.

Rate this item
(0 votes)

Related items