April 27, 2024

LPL ගහන සූරියවැව හදන්න වරාය සතු සල්ලි මිලියන 524 දාලා

December 05, 2020

මේ දිනවල ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙන සූරියවැව ක්‍රීඩාංගණය ඉදිකිරීම සදහා වරාය අධිකාරිය සතු මුදල් රුපියල් මිලියන 524 ලබා දී තිබෙන බව හෙළිදරව් වේ.

මෙම හෙලිදරව්ව කරන ලද්දේ සමගි ජන බලවේගය ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා වරාය අමාත්‍යාංශ අයවැය විවාද වැය ශීර්ෂයට එක්වෙමිනි.

වරාය අභිමතාර්ථයන්ගෙන් තොර කාරණයක් සඳහා වරාය මුදල් පාවිච්චි කොට ඇති බවද අත්තනායක මහතා එහිදී පෙන්වා දෙන ලදී.

සුරියවැව ක්‍රීඩාංගන ඉදි කිරීමේ කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකීමක් බව පෙන්වා දෙන අත්තනායක මහතා එම ක්‍රීඩාංගනය සඳහා ආයෝජනය කළ වරාය අධිකාරිය සතු මුදල ආපසු ලබා ගන්නේ කෙසේදැයි කොතැනකවත් සඳහන්ව නැති බවද පෙන්වා දෙයි.

වරාය සම්බන්ධයෙන් වූ ප්‍රගති වාර්තාවේ හෝ වරාය අධිකාරිය සතු මෙම රුපියල් මිලියන 524 අය කර ගන්නේ කෙගන්නේ කෙසේදැයි සඳහන්ව නැති බවද මන්ත්‍රීවරයා අනාවරණය කරයි

Rate this item
(0 votes)
Last modified on Saturday, 05 December 2020 15:17