May 03, 2024

“ඉදිරියේදී ඔබතුමාලා බන්ධනාගාරයට ආවොත් අපි හොඳට බලාගන්නම්” - ලොහාන් රත්වත්තේගෙන් තුෂාර ඉඳුනිල්ට පොරොන්දුවක්

December 03, 2020

අද (03) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා විසින් මහර සිදුවීම ගැන කියූ කතාවකට නව බන්ධනාගාර කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිතුරු ලබා දුන්නේ ය.

එහිදී මහර බන්ධනාගාරයේ සිදුවීම ගැන පවසමින් අමාත්‍යවරයා කියා සිටියේ “ගරු මන්ත්‍රීතුමා, ඊයේ මම මහර බන්ධනාගාරයට ගියා. ඒක ඇතුළේ වෙලා තියෙන සිද්ධිය ගැන දැනට CID එකෙන් පරික්ෂණයක් කරගෙන යනවා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලු දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන.. වෙඩි පහරවල් තියලා තියෙනවා, ඒත් වෙඩි පහරකින් මැරිලා නැහැ කවුරුවත්...මරණ පරික්ෂණවලින් ඒවා හෙළිවෙලා තියෙනවා…” ලෙසින් පිළිතුරු ලබා දුන්නේය.

එහිදී තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා කියා සිටියේ ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාට සුබ පතන බවයි. ඔහුගේ නව පත්වීම වැඩි වැඩියෙන් බන්ධනාගාර හදලා, සිරකරුවන් ගන්න ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවයි.

එවිට නැවත වරක් නැගී සිටි ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා විසින් පවසා සිටියේ “අපට දුන්නා වගේ නෙමෙයි, ඉදිරියේ දී ඔබතුමාලා බන්ධනාගාරයට ආවොත් අපි හොඳට බලාගන්නවා” ලෙසයි.

Rate this item
(0 votes)