March 29, 2024

ආණ්ඩුවේ ඉන්න "දෙකේ මෑන්" ඇමති - දෙකේ දෙකේ ලැයිස්තුවත් එළියට Featured

November 18, 2021

සමගි ජන බලවේගය පැවැත් වූ උද්ඝෝෂණය දහසක්වත් සෙනග නොසිටි ඉතා අසාර්ථක බවට ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

එම අමාත්‍යවරයාගේ ප්‍රකාශයට සමගි ජන බලවේගයද ප්‍රති පිළිතුරු දුන්නා.

හැම දෙයින්ම දෙකක්

 තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා.

ඔහු සමගි ජන බලවේග විරෝධතාවය විවේචනය කළ අමාත්‍යවරයාව හැඳින්වූයේ ආන්ඩුවේ ඉන්න "දෙකේ මෑන්" ලෙසයි.

ඒ එම අමාත්‍යවරයාට බොහෝ දේ දෙක බැගින් තිබෙන නිසා.

එසේ දෙක බැගින් තිබෙන ලයිස්තුවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

දෙකේ ලයිස්තුව

"එයාට පාස්පෝට් දෙකයි.හැඳුනුම්පත් දෙකයි.උප්පැන්න දෙකයි.දිව දෙකයි.මුහුණු දෙකයි."

මන්ත්‍රීවරයා අමාත්‍යවරයාව හැඳින්වූයේ ඔය විදිහට.

මෙම උද්ඝෝෂණය නිර්මාණශීලීව කළ යුතු බවට "දෙකේ මෑන්" අමාත්‍යවරයා කර තිබෙනවා යැයි කියන ප්‍රකාශයකටද තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා පිළිතුරු දුන්නා.

මාරාන්තික උපවාසය

මාරාන්තික උපවාසයක් කරල , හොරෙන් බිස්කට් කාලා , හොරෙන් නෙස්කැෆේ බොමින් කළා වගේ නිර්මාණශීලීව කරන්න කියලද කියන්නෙ යයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළා.

ද්විත්ව පුරවැසිභාවයට එරෙහිව කෑගසා බලු කුක්කෙක් වගේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්න වගේ තුට්ටු දෙකේ නිර්මාණශීලී විදිහටද උද්ඝෝෂණය කරන්න කියන්නේ යයිද මන්ත්‍රීවරයා යළිත් වතාවක් ප්‍රශ්න කලා.

දවල්ට ආණ්ඩුවට බැන හැන්දෑවට ආයිත් සේප් වෙන වෙන කතා කියන විදිහටද උද්ඝෝෂණය කරන්න යැයි කියන්නේ දැයි විමසූ මන්ත්‍රීවරයා අදාල අමාත්‍යවරයා හැඳින්වූයේ ඔඩොක්කු කුක්කෙකු ලෙසයි.

එනිසා කරුණාකර ආන්ඩුවේ ඉන්නව නම් ආන්ඩුවේ ඉන්න විපක්ෂයේ ඉන්නව නම් විපක්ෂයේ ඉන්න යයි පෙන්වා දුන් මන්ත්‍රීවරයා දෙපැත්තෙම ඉදිමින් දෙකේ කොලයට වැටිලා දෙකයි පනහේ මිනිහෙක් වෙන්න එපා යයි අපි විමල් වීරවංශට කියන බව සදහන් කළා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 18 November 2021 09:31

Related items