April 25, 2024

ඡන්දය පැරදුණා කියා පොහොට්ටු මන්ත්‍රී යකා නටයි (VIDEO)

කුලියාපිටිය නැගෙනහිර සමූපකාරයට සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා පැවැති ඡන්දයෙන් පාලක පොදුජන පෙරමුණ පරාජයට පත්කරමින් විපක්ෂ කණ්ඩායම ජය ගෙන තිබෙනවා. 

පොහොට්ටුවෙන් ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 25ක් ලබාගෙන ඇති අතර පොදු විපක්ෂය එකතුව ඉදිරිපත් කළ කණ්ඩායම ඡන්ද 67ක් ලබා ගෙන තිබෙනවා.

එහි මුළු ආසන සංඛ්‍යාව 92ක්.

ඡන්දය පැවැත්වීමෙන් අනතුරුව දෙපිරිසක් අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් කීප දෙනකු කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට හා නාරම්මල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසනවා.

සමූපකාර නිලවරණයේදී පොහොට්ටුව නියෝජනය කරමින් තරඟවැදුන පිරිස පරාජය කරමින් විවිධ පක්‍ෂවලින් සැදුම්ලත් කණ්ඩායමක් ජයගැනීමෙන් අනතුරුව එම ප‍්‍රචණ්ඩකාරී තත්වය ඇතිවූ බව කුලියාපිටිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන පිරිසගේ සුවදුක් බැලීමට පැමිණි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා රෝහල් පරිශ‍්‍රයේදී මාධ්‍යට පැවසුවා.

Rate this item
(0 votes)

Related items