පොලිස් වෙඩි පහරින් මියගිය අපරාධකරුවෙකු වන ගොනාකෝවිලේ රොහාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (26) සිදුකෙරුණි.
ඝාතන සිද්ධි රැසකට පොලිසීයට අවශ්‍යයව සිටි හැරල්ඩ් රෝහණ ද සිල්වා හෙවත් “ගොනාකෝවිලේ රොහා“ මීගමුව කොච්චිකඩේ පෝරුතොට කම්මල් මෝය පාර වෙරළ තීරය හරහා ඉන්දියාවට පැනයාමට උත්සහ කිරීමේදී පොලිස් වෙඩි පහරකින් මියගියේ පසුගිය 24 වනදාය.
මියගිය රොහාගේ දේහය අඟුලාන පොදුජන මාවතේ පිහිටි ඔහුගේ නිවසේ අද දහවල් වනතුරු තැන්පත් කර තිබුණි.
ඉන් අනතුරුව මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු අගුලාන කතෝලික පොදු සුසාන භුමියේදී සිදුකෙරුණි.
එම වීඩියෝව පහතින්,