May 17, 2024

ගෝඨාගේ ආරක්ෂාවට පොලීසිය යෙදවීමේ සූදානමක්

හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මෙතෙක් ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ආරක්ෂාව සම්බන්ධයෙන් මාධ්‍ය හරහා ඉල්ලීම් සිදුකළ ද ආරක්ෂක ලේකම්වරයා ලෙස තමාගෙන් ඒ සම්බන්ධයෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බවත් තැනැත්තන්ට ලබාදෙන ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගන්නේ රජය විසින් අනුමත කරන ලද ප‍්‍රතිපත්තීන් අනුව බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ලබා දී ඇති හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට මේ වනවිට තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබේ.

කෙසේවෙතත් ඊයේ(27) මාධ්‍යවේදීන් හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූවේ තමාට ලබා දී ඇති හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බවත් එම ආරක්ෂාව  ඉවත් නොකරන ලෙසට ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත්ය.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 28 June 2016 15:09