April 28, 2024

ගෝඨා ඇතුළු පිරිසක් අධිකරණයට

September 30, 2016

ඇවන්ගාඞ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් විභාගවන නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලූ හත්දෙනෙකු මේ වනවිට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණ ඇතැයි වාර්තා වේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට නීතිවිරෝධී ලෙස අවකාශ සැළසීමෙන් රුපියල් බිලියන 11.4 ක මුදලක් රජයට පාඩුකිරීමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම පසුගියදා නඩු පවරනු ලැබීය. එම නඩුවට පෙනී සිටීම සඳහා මොවුන් අධිකරණයට පැමිණ ඇත.

ඒ අනුව නඩුව කැඳවා අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇත්තේ අල්ලස් කොමිසමේ ලිඛිත අනුමැතියකින් තොරව බවයි.

ඒ හේතුවෙන් තම පාර්ශවයෙන් මූලිකා විරෝධතා ගොනු කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කර ඇත.

ඒ අනුව මේ මස පළමුවනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, පුද්ගලයන් අට දෙනෙකුට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කෙරිණි. 

ගෝඨාභය රාජපක්ෂ මහතාට අමතරව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරාද අධිකරණයට පැමිණ ඇත.

 

Rate this item
(0 votes)