April 28, 2024

ගෝඨා පිටුපස බුද්ධි අංශ පන්නයි (VIDEO)

තමන් යන එන තැන් බුද්ධි අංශ විසින් දැන් සෙවීමට උත්සාහ කරන්නේ නම් ඒ සඳහා කාලය වැය කිරීම අනවශ්‍ය බවත් තමන්ගේ දිනපතා වැඩසටහන ඔවුන්ට ලබාදීමට හැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූවේ මාතරදී ඊයේ (06) පැවැති පෙරපාසල් ගුරු උපහාර උත්සවයකදී ය.

තමා රටට ජාතියට තර්ජනයක් යැයි සිතනවානම් එය කණගාටුදායක තත්ත්වයක් බවත් රාජ්‍ය ආරක්ෂාව පහත් තත්ත්වයට පත් වී ඇත්නම් රටේ අනාගතය රටේ ආරක්ෂාව මොන ආකාරයක තර්ජනයකට මුහුණපායිද? යන්න තමාට කිව නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

 

රාජ්‍ය බුද්ධි අංශයට තමන් උපදෙස් දුන්නේ රටට තර්ජනයක් වූ ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සොයාබලන ලෙස යැයි ද පැවසූ ඒ මහතා තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දේශපාලනඥයින් යන එන තැන් ගැන  තොරතුරු සොයන ලෙසට උපදෙස් නොදුන් බවයි.

Rate this item
(1 Vote)