April 25, 2024

චීන තානාපති ජනපති හමුවී ලංකා‌වෙන් සමුගනී Featured

February 28, 2020

ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම ගෞරවයක් බව චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පවසයි.

සිය ධුර කාලය නිමා කරමින් ශ්‍රි ලංකාවෙන් නික්ම යෑමට ප්‍රථම ඊයේ (27) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථවේදී තානාපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ තම ධූර කාලය තුළ අමතක නොවන සිහිවටන කිහිපයක්ම ඇති බවත් තම නව තනතුර යටතේද ශ්‍රී ලංකාවට දිය හැකි උපරිම සහාය දෙන බවත් තානාපතිවරයා පැවසී ය.

කොරෝනා වෛරසයෙන් පිඩාවට පත් චීනයට දැක්වූ සහයෝගයට  රජයටත්, ශ්‍රී ලාංකික ජනතාවටත් චෙංග් ෂියුආන් මහතා ස්තූතිය පුද කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා චීනයට පරිත්‍යාග කළ කලු තේ තොගය, දිවයින පුරා සිදු වූ ආශිර්වාද පිරිත් පිංකම් තානාපතිවරයා කෘතවේදීව සිහිපත් කළේය.

වෛරසය කඩිනමින් පාලනය කර ඇති බවත් අලුතෙන් ආසාදනය වන රෝගීන්ගේ සංඛ්‍යාව බෙහෙවින් අඩු බවත් ඔහු පැවැසීය.

තානාපතිවරයාට සුබ පැතූ ජනාධිපතිවරයා ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහයෝගය  දෙන ලෙස ඉල්ලා සිටියේය.

කොළඹ - රත්නපුර අධිවේගී මාර්ගය, සූර්ය හා සුළං බලයෙන් ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සහ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නැංවීම පිළිබඳව ජනාධිපතිවරයා තානාපතිවරයා දැනුවත් කළේය.

කොළඹ වරාය නගරයේ ආයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සලසන බව ද ජනාධිපතිවරයා පැවසීය.

 

Last modified on Friday, 28 February 2020 16:24

Related items